විහාරමහාදේවී භික්ෂූ සත්‍යග්‍රහය අත්හිටුවයි…!

October 25, 2026 at 7:28 pm | by emanisa.lk

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන්නැයි බල කරමින් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් විහාරමහාදේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඊට හේතු වී ඇත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට සහ ශාසනික ගෞරවය විනාශ කිරීමට ඇතැම් පාර්ශ්වවලට අවස්ථාව ලබා නොදෙන ලෙස ත්‍රෛයිනිකායික මහනා හිමිවරුන් සිදුකළ දැනුම් දීමකි.

මහනාහිමිවරුන්ගේ දැනුම්දීම අනුව මෙම සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි.

සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමග අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *