එකම වරදට සිරගත වූ ඇතැමුන් ජනාධිපති සමාව ලැබ එළියේ සිටින විට තවත් අයකු සිරගතව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සමන් රත්නප්රිය පවසයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරදඬුවම් ලැබූ රංජන් රාමනායක ජනාධිපති සමාව ලැබ එළියේ සිටියි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකාද ජනාධිපති සමාව ලැබ නිදහසේ සිටියි.
එහෙත් අධිකරණයට අපහාස කිරීමේ වරදටම ජනාධිපති සමාව ලැබූ ඥානසාර හිමි ක්රමවේදයේ වරදක් යැයි සමාව අවලංගු කර සිරගත කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ක්රමවේදයේ වරදක් ඇත්නම් දඬුවම් ලැබිය යුත්තේ නිලධාරීන් මිස ඥානසාර හිමි නොවන බවද ක්රියාවලියේ වරද නිවැරදි කර ජනාධිපතිවරයාට ඥානසාර හිමිට සමාව දිය හැකි බවද සමන් රත්නප්රිය අවධාරණය කරයි.
ඔහු මේ බව කියා සිටියේ මාධ්ය හමුවක් අමතමිනි.