කාඩ්පත් නෑ, මුද්‍රණ යන්ත්‍ර නෑ.. රියදුරු බලපත් 673000ක් මුද්‍රණය නවතී…!

October 17, 2026 at 4:41 pm | by emanisa.lk

රියදුරු බලපත්‍ර 673,000ක මුද්‍රණය කටයුතු නතර කිරීමට සිදුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් අතුෂාර ප්‍රනාන්දු පවසයි. ඒ දැනට උද්ගතව ඇති මුද්‍රණ යන්ත්‍ර සහ හිස් කාඩ්පත් හිඟයක් හේතුවෙනි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශ උපදේශක කාරක සභාව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

දැනට පවතින කාඩ්පත් මිලියනයක තොගය ජනවාරි මාසය වන විට අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, නව සැපයුම් ගිවිසුමක් යටතේ කාඩ්පත් මිලියන දෙකක පළමු තොගය ලබන වසරේ මාර්තු මස අවසානය වන විට ලැබීමට නියමිත බවත් ඔහු පැවසීය.

මීට විසඳුමක් ලෙස ඉදිරි මාස දෙක තුළ අවශ්‍යතා සපුරාලීම සඳහා දැනට සිටින සැපයුම්කරුගෙන් තවත් කාඩ්පත් 500,000ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ඉල්ලා සිටීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා යෝජනා කළේය.

කොමසාරිස් ජනරාල්වරයාට අනුව, නිකුත් කිරීමට ඉතිරිව ඇති රියදුරු බලපත්‍ර තොගය ලබන වසරේ මැද භාගය වන විට නිකුත් කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

මේ අතර, වාහන අංක තහඩු හිඟයක් හේතුවෙන් අංක තහඩු 450,000ක් පමණ තවමත් නිකුත් කිරීමට ඉතිරිව පවතී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *