1815 වසරට පසු මෙරතම් සුවිශාල සංඝ සන්නිපාතයක් සිදුවූයේ ඊයේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට බව බලංගොඩ කස්සප හිමි පවසයි.
ජනාධිපතිවරයාට සිය පාලනය කරගෙන යෑමට හැකි නමුත් බුද්ධ ශාසනයට අත තැබීමට ඔහුට නොහැකි බවද ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 09 වැනි වගන්තිය අනුව බුදු දහම සුරක්ෂිත කොට පෝෂණය කිරීම රාජ්ය වගකීමක් බවද එහිමියන් අවධාරණය කරයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොන්දේසි විරහිතව පූර්ණ නිදහස දීම හෝ ගෙදර යෑම යන විකල්ප දෙකෙන් එකක් ජනාධිපතිවරයා තෝරාගත යුතු බවද කස්සප හිමි ප්රකාශ කරයි.
ප්රජාතන්ත්රවාදී ප්රවාහය තුළ තමන්ට කළ හැකි සියල්ල කරන බවත් මේ වන විට ඥානසාර හිමියන්ගේ ගැලවූ සිවුර වෙනුවෙන් අලුත් සිවුරක් ජනාධිපති මන්දිරය ඉදිරියෙහි තබාගෙන භික්ෂූන් වහන්සේලා නිර්මාණය කරන බවත් එම පිංකමට එකතු වන ලෙස දෙස් විදෙස් බෞද්ධ ජනතාවට ආරාධනා කරන බවද එහිමියන් සඳහන් කළහ.
ඒ අද (16) උදෑසන ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධතා භූමියෙහි සිට විශේෂ ප්රකාශයක් සිදුකරමිනි.