සිය පාලන කාලයේ ඥානසාර හිමි බන්ධනාගාරගත කළද එහිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු නොකළ බවත් එහිමියන්ගේ සංඝ සභාවටද එය දැනුම් දී තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
යම් භික්ෂුවක් පාරාජික වූ විට සිවුර ගැලවීම ගැටලුවක් නොවුණද උසාවියට බාධා කිරීම පාරාජිකාවක් නොවන බව තමන් සමග සාකච්ඡා කළ භික්ෂූන් වහන්සේලා දැනුම් දුන් බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
පාරාජික නොවන කාර්යක් සඳහා සිවුර ඉවත් කිරීම විශාල ගැටලුවකට හේතුවක් බවත් එය ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය උසිය පාලන කාලයේ ඥානසාර හිමි බන්ධනාගාරගත කළද එහිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු නොකළ බවත් එහිමියන්ගේ සංඝ සභාවටද එය දැනුම් දී තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
යම් භික්ෂුවක් පාරාජික වූ විට සිවුර ගැලවීම ගැටලුවක් නොවුණද උසාවියට බාධා කිරීම පාරාජිකාවක් නොවන බව තමන් සමග සාකච්ඡා කළ භික්ෂූන් වහන්සේලා දැනුම් දුන් බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
පාරාජික නොවන කාර්යක් සඳහා සිවුර ඉවත් කිරීම විශාල ගැටලුවකට හේතුවක් බවත් එය ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් වන අතර මේ වන විට ආගමික ප්‍රශ්නයක් බවට පෙරළී ඇති බවත් රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකට එකතු වෙමිනි.