හිටපු එල්ටිටිඊ සාමාජික සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අය සාක්ෂි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට ප්‍රගීත් එක්නැලිගොඩ සමග හබරණ දී හමූවි සාකච්ඡා කළ බව මහාධිකරණය හමුවේ කියා සිටියේය.
ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (09) කැඳවූ අවස්ථාවේදී සිව්වෙනි සැකකරු ලෙස සාක්ෂි ලබා දෙමිනි.
මෙම නඩුව, සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම්, ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 121/1 විජේරාම මාවත, කොළඹ 7 පිහිටි ලිපිනයේ ස්ථාපිත වූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගයට ගන්නා ලදී.
පසුගිය ජුලි 24 වැනිදා නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා නඩුවේ සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට අවශ්‍ය බවට කළ දැනුම් දීමකට අනුව සාක්ෂිය නැවත කැඳවනු ලැබීය. වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 14 තෙක් කල් තැබිය.