මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
වරාය භූමියෙහි ගොඩගැසී තිබූ කළුගල් ඉවත් කර එම ප්‍රදේශය නිදහස් කර ගැනීමේ මූලික අරමුණින් මෙම අපනයන අවසරය ලබා දී තිබූ බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.
අද (09) පාර්ලිමේන්තුවේදී ඇය මෙම අදහස් ප්‍රකාශ කළාය.