ආණ්ඩුව ඥානසාර හිමිට සහ රංජන්ට හැඳි දෙකකින් බෙදන්නේ ඇයි….!

October 7, 2026 at 5:18 pm | by emanisa.lk

රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිංහල බෞද්ධයන් වෙනුවෙන් සහ අන්තවාදයට එරෙහිව අදහස් පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදී තිබියදීත් යළි සිරගත කිරීම සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින් ඔහු මේ බව කීය.

එමෙන්ම ජනාධිපති සමාව ලැබ සිටින රංජන් රාමනායකට එක් ආකාරයකින් සහ ඥානසාර හිමියන්ට තවත් ආකාරයකින් සැලකීම සාධාරණ නොවන බවද චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරයි.

ජනාධිපති පොදු සමාව ලබාදී ඇත්නම් එය සියලු දෙනාට සමානව ක්‍රියාත්මක විය යුතු බවත්, පුද්ගලයන් අනුව වෙනස් ආකාරයකට නීතිය ක්‍රියාත්මක නොවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *