ලෝකයට විශාල සේවයක් කළ බුදුන්, ජේසුස් සහ නබිනායකතුමා වැනි චරිත, ඇදහිලි සහ විශ්වාසවලට මඩ ගැසීම අනුමත කළ නොහැකි බව රංජන් රාමනායක පවසයි.
භාෂණයේ නිදහස යනු වල්බූරු නිදහසක් නොවන බව ප්‍රකාශ කළ රංජන් රාමනායක, තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතියක් සැමට ඇතැයි ද ප්‍රකාශ කළේය.
තමන් පෞද්ගලිකව ආගම්වලට නොව විද්‍යාවට ගරු කරන බවත් නාසා ආයතනය විශ්වාස කරන බවත් ඔහු කීය.
පසුගිය කොවිඩ් සමයේ සියලු ආගමික ස්ථාන වැසෙද්දී විවෘතව තිබුණේ රෝහල් පමණක් බවයි, රංජන් රාමනායක වැඩි දුරටත් සඳහන් කළේ.