පේරාදෙණියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීග්‍රගාමී කාර්යාල දුම්රිය අද (05) අලුයම ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතරදී පීලි පැන තිබේ.
අලුයම 4.40ට පමණ සිදුවූ අනතුරින් දුම්රියටද හානි සිදුව ඇති අතර දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම ඊට හේතුව බව සඳහන් වේ. පස් කණ්ඩියක සහ විශාල ගලක ගැටීමෙන් දුම්රිය ඉදිරිපස කොටසට හානි සිදුව ඇත.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණයෙන් පසු පේරාදෙණියේ සිට කොළඹ බලා ධාවනය වූ ප්‍රථම කාර්යාල දුම්රිය මෙය වීමද විශේෂත්වයකි.
පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.