ගම්පොළට දුම්රිය ධාවනය අපි ලද දැවැන්ත ජයග්‍රහණයක්….! – ඇමති බිමල් රත්නායක….

October 3, 2026 at 1:42 pm | by emanisa.lk

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත හානියෙන් දින 309කට පසු, රඹුක්කන සිට ගම්පොළ දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ සිදුකළ පරීක්ෂණ ධාවනයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම්වලට විශාල හානියක් සිදුව තිබියදීත්, එම අභියෝග ජය ගනිමින් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු සියලු සේවකයන්ට අමාත්‍යවරයා සිය ප්‍රණාමය පළ කළේය.

මේ අතර පේරාදෙණිය ප්‍රදේශයේ නව දුම්රිය පාලමක් ඉදිකිරීම සඳහා අවශ්‍ය මූලික සැලසුම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද බිමල් රත්නායක වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *