කතානායක බංගලාවේ වංචා සෙවිල්ල කොට උඩ… බඩු වට්ටෝරු පොත අතුරුදන්…!

September 29, 2026 at 4:05 pm | by emanisa.lk

කතානායක බංගලාවේ බඩු වට්ටෝරු පොත අතුරුදන්ව ඇතැයි එහි කළමනාකාර පසන් අතුකෝරල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.

බංගලාවේ බඩු වට්ටෝරු පොත බාරව සිටි කථානායක පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීයා ළග එම පොත නැතැයි තමාට දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

කතානායකවරයාට නිල නිවෙස නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව කථානායක නිල නිවෙසේ කළමනාකාරවරයාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

කතානායක ජගත් වික්‍රමරත්න කතානායක නිල නිවසේ භාණ්ඩ තමන් භාවිත කරන වෙනත් නිවසක් කරා රැගෙන ගොස් ඇති බවට පසුගිය සමයේ බරපතළ චෝදනාවක් එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *