මේ අවස්ථාවේ විපක්ෂයට ගොස් දිස්ත්‍රික් මට්ටමින් විරෝධතාවක් සංවිධානය කරන්නේ කෙසේ දැයි කියාදීමට අවස්ථාවක් තිබිණි නම් එය අනිවාර්යෙන්ම ඉටුකරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
සජිත් ප්‍රේමදාස සමග විරෝධතාවට පැමිණි සුළු පිරිසකට පමණක් පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම ගැනීමේ අවස්ථාව ලැබුණු බවද ඔහු පෙන්වා දෙයි.
එසේ ආහාර ගැනීමට ලැබුණු පිරිස වර්ෂාවට තෙමුණු අය නොව ලොකු ලොක්කන්ට කුඩ ඇල්ලූ අය බවද ඇමතිවරයා සඳහන් කරයි.
එම පිරිසට තමන් පැමිණියේ කුමකටදැයි පවා නොදැන සිටි බවත් අගමැතිනිය සහ තමන් සමග සෙල්ෆි ගත් බවත් ඇමති හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
අද (24) පාර්ලිමේන්තුව අමතමින් සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.