ගමට සුදුසු 5G නොව 4G දුරකතන සම්ප්‍රේෂණ කුලුනු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රවීන්ද්‍ර බණ්ඩාර පවසයි.
“මේ ටවර් දාහක් හදනවා කිව්වාම 4G සහ 5G ගැන ගොඩක් බොරු කතන්දර කියනවා. 5G කුලුනු සුදුසු වෙන්නේ ජනගහනය වැඩි නාගරික ප්‍රදේශවලට. කඳුකර ග්‍රාමීය ප්‍රදේශවලට සුදුසු විශාල ප්‍ර දේශයක් ආවරණය කරන 4G කුලුනු. ඒ නිසා මේ කුලුනු දාහෙන් බහුතරයක් 4G කුලුනු. යම් ප්‍රමාණයක් 5G කුලුනු.
දැන් 5G තියෙනවා කිව්වට ග්‍රාමීය ප්‍රදේශ ආවරණය කරනවාද? ෆ්‍රී වයිෆයි දෙනවා කිව්වා හිටපු ජනාධිපතිවරයෙක්. දැන් ඒවා කොහේද දන්නෑ. නමුත් මතක තියාගන්න මේවා හුදු වචන විතරක් නෙමෙයි, ක්‍රියාත්මක කරනවා.”
රවීන්ද්‍ර බණ්ඩාර මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමිනි.