ලංකාවට අලුත්ම 4G තාක්ෂණේ ගේනවා.. අවුරුදු තුනට කුලුනු දාහක් ගහනවා… ආයේ සිග්නල් හොයන්න වහලේ නඟින්න ඕන නෑ…! – ජනපති…

September 20, 2026 at 7:26 pm | by emanisa.lk

ලංකාවට නවීන 4G තාක්ෂණය හඳුන්වා දීම සඳහා ඉදිරි වසර තුන තුළ ලංකාව පුරා කුලුනු දාහක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

“ආණ්ඩුවත් එක්ක කරන්න තියෙන ගොඩක් වැඩ ගෙදර ඉඳන් කරන්න පුළුවන් විදිහට ඩිජිටල් පද්ධතියත් සවිමත් කරනවා. එතකොට සිග්නල් තියෙන්න ඕන. වහල උඩට නගින්න. කන්දට නගින්න. ෆෝන් එක ඔබ ඔබ වටේ දුවන්න වැඩක් නෑනේ.

ලංකාවේ පළවෙනි වතාවට වැඩිම වේගවත් ඉන්ටර්නෙට් ජාලය 4G තාක්ෂණයෙන් ඉදිරි වසර තුන තුළ ලංකාව පුරාම ආවරණය දෙන්න කුලුනු දාහක් ගහනවා. ලබන අවුරුද්දේ අපි කුලුනු 250ක් ගහනවා. අවුරුදු තුනක් ඇතුළත කුලුනු දාහක් ගහලා මුළු රටම ආවරණය කරනවා.”

ජනාධිපති අනුර දිසානායක මේ බව ප්‍රකාශ කළේ අකුරැස්ස රටට සුබයි ජනරැලිය අමතමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *