චාමර සම්පත් ප්‍රාදේශීය සභාවවකටවත් සුදුසු හාදයෙක් නෙමෙයි…! – අසිත නිරෝෂණ….

September 22, 2026 at 3:07 pm | by emanisa.lk

චාමර සම්පත් යනු පාර්ලිමේන්තුවට නොව පස්සර ප්‍රාදේශීය සභාවට හෝ සුදුසු හාදයෙකු නොවන බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි අසිත නිරෝෂණ පවසයි.

මොහු සිදු කළ අපරාධ ගැන විමර්ශන කර පාර්ලිමේන්තු කාලය ඉතිරිකර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කරයි.

චාමර සම්පත් ගුරුවරුන් දණ ගස්සා, පාසල් බෑග් ගැනීමට බැංකුවෙන් මුදල් ලබා ගෙන පළාත් සභාවටත් පාඩු කර දැන් ආණ්ඩුවට උපදෙස් දෙන්නට පැමිණ ඇතැයිද අසිත නිරෝෂණ ප්‍රකාශ කරයි.

අද (22) පාර්ලිමේන්තුව අමතමින් අසිත නිරෝෂණ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *