වාහන ආරක්ෂක බඳපටි පැළඳීමේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසයි.
මොටර් රථයක ගමන් කළ හැක්කේ ඉදිරිපස දෙදෙනෙකු සහ පසුපස දෙදෙනෙකු පමණක් බවද ඔහු අවධාරණය කරයි.
බඳ පටියක් නොමැතිව වාහනයේ පිටුපස මැද කිසිවෙකු ගමන් කළහොත් ඔහුට නඩු පවරන බවද නි. පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර ප්‍රකාශ කරයි.