ජනාධිපති මෙන්ම අධිකරණ ඇමතිද 22 වන සංශෝධනය ගෙන එන බව රට හමුවේ ප්‍රකාශ කර ඇතැයි ආචාර්ය අජන්තා පෙරේරා ප්‍රකාශ කරයි.
22 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන්නේ රහස් තීන්දුවක් බවත් එය අධිකරණ ඇමති හරහා ජනාධිපති වෙත යන බවත් ඈ පෙන්වා දෙයි.
අගවිනිසුරු ජනතාව ඉදිරියෙහි ප්‍රකාශ නොකරන එම රහස් තීන්දුව ජනාධිපති මෙම ක්‍රියාවලිය තුළ තමන්ට අභිමත ආකාරයට වෙනස් කර ගැනීමේ හැකියාවක් ඇතැයිද අජන්තා පෙරේරා අනතුරු අඟවයි.
එහෙයින් එම තීන්දුව මගින් 22 වන සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බවට සහ පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිය ප්‍රමාණවත් බවට ප්‍රකාශ කළහොත් තමා තව දුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයට පිවිසීමේදී හිස නමා ආචාර නොකරන බවද ඈ අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය අජන්තා පෙරේරා මේ බව ප්‍රකාශ කළාය.