ගල්අඟුරු හිඟවීම නිසා විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
ඉදිරි වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවද ඇමතිවරයා සඳහන් කරයි.
එහෙයින් බිඳවැටිමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා කිසිදු බාධාවක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.
විදුලි කප්පාදුවක් සිදු කරන බවට ඇතැම් පාර්ශ්ව ප්‍රචාරයක් දියත් කරමින් සිටින බවත් එවැනි කප්පාදුවක් සිදු කිරීමට හේතුවක් නොමැති බවත් ඇමති අරුණ කරුණාතිලක වැඩි දුරටත් සඳහන් කරයි.