තම ආණ්ඩුව පෞද්ගලික ව්‍යාපාර විරෝධී බවට කතා ප්‍රචාරය කළ බවත් ඒ්වා සත්‍ය නම් මේ වන විට අරලිය සහල් ව්‍යාපාරය රජය යටතේ පැවතිය යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
මේ රටේ වැඩිම ව්‍යාපාරික පිරිසක් කිසිදු හිත රිදවා ගැනීමකින් තොරව කටයුතු කරන්නේ වර්තමාන ආණ්ඩුව සමග බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
මේ වන විට රටේ අතිවිශාල ව්‍යාපාරික අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වී ඇති බවත් ඒ් සඳහා ඔ්නෑම ආයෝජකයකුට කිසිදු හිතවත්කමක් නොමැතිව ආයෝජනය කළ හැකි බවත් ඇමති බිමල් රත්නායක ප්‍රකාශ කරයි.
මනම්පිටියේ සිට වැලි ගෙන යෑම නිසා මාර්ගයේ පැත්තක් ගිලා බැස ඇති බවත් ඒ් සඳහා දුම්රිය භාවිතයට ගැනීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි.
ඇමති බිමල් රත්නායක මේ බව ප්‍රකශ කළේ අරලිය අධිපති ඩඩ්ලි සිරිසේනගේ මූල්‍ය පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 350ක් වැයකර නවීකරණය කරන ලද පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා අයිතියට එක් කිරීමේ අවස්ථාවට එකතු වෙමිනි.