මැදපෙරදිග අර්බුදය සමග ඇති වූ ඉන්ධන අර්බුදය හමුවේ රටේ ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා කළු කඩයෙන් (Black Market) තෙල් මිලට ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගත් බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
රට අර්බුදයකට ලැහැස්ති කිරීමේදී ආණ්ඩුවක් කටයුතු කළ යුත්තේ රටේ ඉන්ධන පැවතීම ඉන්ධන සඳහා ගෙවන මිලට වඩා වැදගත් බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
එහෙයින් ඩොලර් 286ට තෙල් ගැනීම පිළිබඳ විවේචනය කිරීම දේශපාලන කුහකභාවය නිසා සිදුකරන බවටද බිමල් රත්නායක චෝදනා කරයි.
ආණ්ඩුව ඉතාම සැලසුම්සහගතව කටයුතු කළ අතර මුහුදට හත් ගව්වක් තබා අමුඩේ නොගැසූ බවත් ගින්න හටගත් පසු ගිනි නිවන හමුදාන නොකැඳවූ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ඊයේ (17) විශේෂ මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඇමති බිමල් රත්නායක මේ බව කීය.