ඇමති පුරාවිද්‍යාව වහන්න දතකයි… කුරුන්දියට තැබූ අත තැබූ අන්තවාදීන් කින්නියා වෙහෙරට… උණුවතුර ළිං වෙහෙර සංරක්ෂණයට තහනම් නියෝගයක්…!

September 3, 2026 at 2:12 pm | by emanisa.lk

ත්‍රිකුණාමලයේ ගෝනකර්ණිකාවේ පුරාණ, ගිලන්,භික්ෂු ආරාමයක් වූ කන්නියා (කින්නියා) බෞද්ධ ආරාම නටබුන් කැණීමකට ලක් කර සංරක්ෂණය කිරීමට 2024-2025,වර්ෂවල මුදල් වෙන් කර තිබුණද විවිධ හේතු මත එය නොකර හැර 2026 වසරේ උරුමයට ජීවයක් රජයේ වැඩ සටහන යටතේ සංරක්ෂණය පටන් ගත්තද එය නවතාලන තහනම් නියෝගක් දීමට මහේස්ත්‍රාත් කටයුතු කර ඇත.

පුරාවිද්‍යා කටයුතු අභිබවා යෑමට මහේස්ත්‍රාත් උසාවිවලට බලයක් නොතිබෙන්නේ වුවද සුමන්තිරන්ගේ බලය මත එය සිදුව ඇත. මීට පෙර කුරුන්දි විහාර චෛත්‍ය සංරක්ෂණයට උත්සාහ ගන්නා අවස්ථාවේ දී ද මෙලෙසම තහනම් නියෝග ලබා දුන්හ. අවසානයේ මහේස්ත්‍රාත්වරයාට රට හැර පලා යන්නට සිදු විය.

කෙසේ වෙතත් මෙවැනි තත්වයක් උදා වූයේ පුරාවිද්‍යා නීති අංශය ශත්තිමත් නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කලට වේලාවට නීති නිළධාරීන් බඳවා ගෙන උසාවිවලට යැවීමට අසමත් වී ඇත.‍ පුරාවිද්‍යාව භාර ඇමතිට අවශ්‍ය වනුයේ දෙපාර්තමේන්තුව අහෝසි කිරීමටයි.

රටේ ජාතික උරුමය රැකීමට සිටින දෙපාර්තමේන්තුව දුර්වල කළ කල්හි උතුර සහ නැගෙනහිර දෙපලාතේ ඇති 1500ක් පමණ වන බෞද්ධ ස්මාරක උඩ කෝවිල් සහ පල්ලි හැදීමට බාධාවක් වන්නේ නැත. භික්ෂූන් වහන්සේ නමක් මෙම ස්මාරකයක් රකින්නට ඉදිරිපත් වන විට පෙනය පුප්පන දෙපාර්තමේන්තුව අන්තවාදීන් අභිමුවේ ගරඬියෙකු තත්ත්වයට පත්ව ඇත.

මතුගම සෙනෙවිරුවන්
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස