මගේ කාර්යාලය ලොකු වැඩියි… ටෙනිස් පිටියක් වගෙයි… විශාල කාර්යාල හැදීම තහනම් කළ යුතුයි…! – ඇමති බිමල් රත්නායක…

August 29, 2026 at 10:22 am | by emanisa.lk

රාජ්‍ය අංශය සඳහා අනවශ්‍ය ලෙස විශාල හා සුඛෝපභෝගී කාර්යාල ඉදිකිරීම වහාම නතර කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

“මගේ මහාමාර්ග අමාත්‍යංශයේ මම ඉන්න කාර්යාලය ගත්තොත් ඒක ටෙනිස් පිටියක් විතර ලොකුයි. ඇත්තටම මෙවැනි විශාල කාර්යාල හැදීම තහනම් කළ යුතුයි.

කාර්යාලයක් කියන්නේ තමන්ගේ තනතුර හෝ ‘ඊගෝ’ එක පෙන්වන තැනක් නෙවෙයි. අපිට සුදුසුකම් තියෙනවා නම් වැඩ කරන්න කුඩා කාර්යාලයක් වුණත් ප්‍රමාණවත්. කාර්යාලයේ විශාලත්වයෙන් පෞරුෂය හදාගන්න අපිට අවශ්‍ය නැහැ.”

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස