වරකාපොළ – අඹේපුස්ස කිලෝමීටර 2.3ක විකල්ප මාර්ගය ඉදිකිරීම සඳහා රු. කෝටි 499ක් වෙන් කර තිබේ.
කොළඹ – නුවර (A1) ප්‍රධාන මාර්ගයේ වරකාපොළ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින්, වරකාපොළ සිට අඹේපුස්ස දක්වා ඉදිවන නව විකල්ප මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඊයේ (24) නිල වශයෙන් ආරම්භ විය.
මෙහි සමාරම්භක උත්සවය අද පැවැත්වුණේ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙනි.
වරකාපොළ නගරය තුළ පවතින තදබදය නිසා සිදුවන කාල නාස්තිය, ඉන්ධන අපතේ යාම අවම කිරිම, මගී ආරක්ෂාව තහවුරු කිරීම සහ නගරාශ්‍රිතව මතුව ඇති පාරිසරික ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.
කිලෝමීටර් 2.32ක දිගින් යුත් මෙම මාර්ගය මීටර් 3.5ක පළලින් යුත් මංතීරු දෙකකින් සමන්විත මෙම
ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 4998කි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර දෙක ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇත.