නන්දා මාලනිය දැයෙන් සමුගන්නේ ඈ පැතූ අපේක්ෂා මල්ඵල ගැන්වූ මොහොතක…! – ඇමති වසන්ත සමරසිංහ….

August 24, 2026 at 10:07 am | by emanisa.lk

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබිඳ අවසන් කටයුතු සිදුවන දිනය ශ්‍රී ලාංකේය ගීත රසිකයන්ට අමතක නොවන දිනයක් බවට පත්වනු ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

කලාව සංගීතය ජනතාවගේ අයිතියක් බව තහවුරු කළේ නන්දා මාලනී බවද ඈ මේ රටේ බිහි වූ අග්‍රගණ්‍ය කලාකාරිනයක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ඇමතිවරයා සඳහන් කරන්නේ මේ කලාකාරිනිය දැයෙන් සමු ගන්නේ ඈ පැතූ අපේක්ෂාවන් මල්ඵල ගැන්වී ඇති අවස්ථාවක බවය.

නන්දා මාලනිය ජනතාවගේ ගායිකාව බවත් ඈ හැමදාම සමාජය සුවපත් කිරීමට කලාව භාවිත කළ බවත් ඇමති වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.

විශාරද නන්දා මාලනියට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *