පහුගිය ආණ්ඩු සමයේ එනම් 2024 වසරේ ඊශ්රායල රැකියා සඳහා රජයෙන් තරුණ තරුණියන් 5235 දෙනෙකුද පෞද්ගලික විදේශ රැකියා නියෝජිත ආයතන මගින් 434 දෙනෙකුද යවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක පවසයි.
එහෙත් 2026 වසරේ මේ වන විට පෞද්ගලික විදේශ රැකියා නියෝජිත ආයතන ඔස්සේ 4000ක් ද රජයෙන් 336 දෙනෙකුද යවා ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
මේ ආකාරයට පෞද්ගලික ආයතනවලට අදාළ රැකියා කෝටා ලබා දීමේ ක්රමවේදය තමා නොදන්නා නමුත් එම ආයතන ඔස්සේ ඊශ්රායල රැකිය සඳහා යෑමට රු. ලක්ෂ 45ක් අය කරන බවද චාමර සම්පත් දසනායක ප්රකාශ කරයි.
එහෙත් රජයෙන් එම තරුණයන් ඊශ්රායල් රැකියා සඳහා යවන්නේ නම් වැයවන්නේ රු. ලක්ෂ 15ක් බවත් ඒ සඳහා බැංකු ණයක්ද හිමි වන බවද ඔහු පෙන්වා දෙයි.
එහෙත් දිගින් දිගටම මෙම රැකියා කෝටාව පෞද්ගලික විදේශ රැකියා ආයතන වෙත ලබා දීම නිසා තරුණයන්ට ඊශ්රායල් රැකියා සඳහා යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවටද චාමර සම්පත් දසනායක චෝදනා කරයි.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව අමතමිනි.