බලය ලබා ගැනීම උදෙසා එල්ල කළ පාස්කු ප්රහාරයට ගොදුරු වූ අහිංසක ජීවිතවලට යුක්තිය ඉටුකිරීම උදෙසා ජීවිත තර්ජන නොතකා ආණ්ඩුවේ බුද්ධි අංශවලට විරුද්ධව විමර්ශනය කරන ජනාධිපති අනුර දිසානායක මහතා වෙනුවෙන් තමන් පෙනී සිටින බව නෙල්ලිගල සහ කූරගල උභය විහාරාධිපති වතුරුකුඹුරේ ධම්මරතන හිමි පවසයි.
“හදවතින්ම අගය කළ යුතු අදහසක්. හැකි ඉක්මනින් බලය වෙනුවෙන් හැමොම විකුණපු. දැනුත් විකුණන දෙවියන් නැමදුමට ඇවිත් ජිවිතයෙන් වන්දි ගෙවපු අර අහිංසක ජිවිතවලට සාධාරණයක් කරන්න ජනාධිපතිතුමා. එතැනදි මා ඔබ සමගයි. තෙරුවන් සරණයි!”
නෙල්ලිගල හාමුදුරුවෝ Nelligala Hamuduruwo නම් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් උන් වහන්සේ මේ බව ප්රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා පසුගියදා නීතීඥ සංගමය හමු වූ අවස්ථාවේදී තමා පාස්කු විමර්ශන කරන්නේ තමන්ගේද ආරක්ෂාවට සිටින බුද්ධි අංශවලට එරෙහිව ජීවිත අවදානමක් ගෙන බවට සිදුකළ ප්රකාශය ඇතුළත් පෝස්ටුවක්ද සමගිනි.