පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වීමට පෙර විදෙස් බුද්ධි අංශ නියෝජිතයකු මාර්ගයෙන් අදාළ ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු ලබාගෙන එවක බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන ආරක්ෂක අංශ දැනුම්වත් කර ඇති බව අනාවරණය වී ඇත.
නිලන්ත ජයවර්ධන එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙත එම තොරතුරු ලබා දුන් whatsapp පණිවිඩය මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
එහි සඳහන් වන ආකාරයට නිලන්ත ජයවර්ධන තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට අමතරව එවක පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ශානි අබේසේකර සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ වෙතද යොමු කර ඇත.
රවී සෙනෙවිරත්න මේ වන මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරන අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු සිදුවන්නේ ඔහු යටතේ ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.
එවක රටේ ආරක්ෂාව භාරව සිටි එම නිලධාරීන් අදාළ බුද්ධි තොරතුරු අනුව කටයුතු කළේ නම් මෙම ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බවත් නියත වශයෙන්ම එහි හානිය අවමකර ගැනීමට තිබූ බවත් විශේලේෂකයෝ පෙන්වා දෙති.
