ජනාධිපති අනුර දිසානායක වසර තිහකට පෙර පහළ වූයේ නම් අද ලංකාව සිංගප්පූරුව වැනි දියුණු රටක් බව කටාර්හි හිටපු තානාපති, ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී. ලියනගේ පවසයි.
ජනාධිපතිතුමා ඉතාම හොඳින් රට පාලනය කරන බවත් වංචාව දූෂණය රටෙන් අතුගා දමා ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
එතුමාට මැජික්කාරයෙකු මෙන් මේ රට ඉහළට ගත නොහැකි වුවද තවත් අවුරුදු 10ක් පමණ මේ ආණ්ඩුව රට පාලනය කරන බවද ඒ.එස්.පී. ලියනගේ අවධාරණය කරයි.
එංගලන්තයේ විනිසුරුවරයෙකු අවුරුදු 75 දක්වා සේවය කරන නිසා ලංකාවේ විනිසුරු වයස නැංවීම ඉතාම හොඳ යෝජනාවක් බවද ඔහු වැඩි දුරටත් ප්රකාශ කරයි.