අනුර අවුරුදු 30කට කලින් ජනාධිපති වුණා නම් අද මේ රට සිංගප්පූරුවක්….! – ඒ.එස්.පී. ලියනගේ…

August 16, 2026 at 10:59 am | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක වසර තිහකට පෙර පහළ වූයේ නම් අද ලංකාව සිංගප්පූරුව වැනි දියුණු රටක් බව කටාර්හි හිටපු තානාපති, ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී. ලියනගේ පවසයි.

ජනාධිපතිතුමා ඉතාම හොඳින් රට පාලනය කරන බවත් වංචාව දූෂණය රටෙන් අතුගා දමා ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

එතුමාට මැජික්කාරයෙකු මෙන් මේ රට ඉහළට ගත නොහැකි වුවද තවත් අවුරුදු 10ක් පමණ මේ ආණ්ඩුව රට පාලනය කරන බවද ඒ.එස්.පී. ලියනගේ අවධාරණය කරයි.

එංගලන්තයේ විනිසුරුවරයෙකු අවුරුදු 75 දක්වා සේවය කරන නිසා ලංකාවේ විනිසුරු වයස නැංවීම ඉතාම හොඳ යෝජනාවක් බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස