හිටපු හමුදා නිලධාරියෙකු මෙන්ම ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනකි.
NPP ඇතුළත ජවිපෙ සහ මාලිමා ලෙස බෙදීමක් තිබූ බව රහසක් නොවේ. ලිබරල් ලබ්ධිය දැරූ හර්ෂණ නානායක්කාර එවන් බෙදීමක් ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එක්තරා යුගයකදී ජවිපෙ මිනීමරු ත්‍රස්ත සංවිධානයකි.
එවන් තත්ත්වයක් තුළ ලිබරල් වැලිව්ස් වෙනුවෙන් හරිනිලා හර්ෂණලා පක්ෂ අභ්‍යන්තරයේ කළ අරගලය පොඩි නැත. තවද රැඩිකල් ජෙප්පන් ජාත්‍යන්තර සබඳතා සහ පරිපාලනයේදී අසාර්ථක වන විට එම රික්තය පිරවූයේ හරිනිලා සහ හර්ෂණලාය. ඒ අනුව හරිනිලා හර්ෂණලා ජාතිකව සහ ජාත්‍යන්තරව කැපී පෙනුණේය.
කෙසේ වුවද හරිනිලා සහ හර්ෂණලා කළ සටන රැඩිකල් ජෙප්පන් රිස්සුවේ නැත. විනිසුරන්ගේ කාලය දීර්ඝ කරන 22 සංශෝධනය ගෙන එන විට එම තත්ත්වය උග්‍ර විය. 22 සංශෝධනයට හරිනිලා හර්ෂණලා බාල්දි පෙරලන බව පැලවත්තේ ටිල්වින්ලා දැන සිටියේය.
එහිදී හරිනිලාගේ හර්ෂණලාගේ තටු කැපීම අත්‍යවශ්‍යය විය. එවිට හරිනිලා හර්ෂණලා භීතියට පත් කරමින් බන්ධනාගාරය ගිනි ඇවිළුණි. හර්ෂණට එරෙහිව විශ්වාස බංගයක්ද එල්ල විය. 22 ආණ්ඩුක්‍රම සංශෝධනයට විරුද්ධ හර්ෂණලා හීලෑ කිරීමට ටිල්වින්ලා බන්ධනාගාරයට ගිනි තැබුවේද යන සැකය දැන් මතුව ඇත.
තවද ඊයේ මැගසින් බන්ධනාගාරයේ සිදුවූ අස්මාන් ෂෙරිෆ්ඩීන් වැනි පුද්ගලයන්ගේ අභිරහස් මරණ එම සැකය තිවුර කර ඇත.