මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
හින්දුම සුනිල් සෙනෙවි බුද්ධ ශාසන ඇමතිතුමාට ලොකු කැක්කුමක් ඇති වෙලා තියෙනවා විහාරගම් දේවාලගම් පනත වෙනස් කරලා ඒ ඉඩකඩම්වල ජීවත් වෙන මිනිස්සු නඩු මඟට පොළඹවලා ඒ විහාරගම්වල ස්වභාවය,වෙනස් කරන්න.
මං හිතන්නේ බුද්ධ ශාසන ඇමතිතුමා ඊට ඉස්සෙල්ලා හිතන්න ඕන කාරණයක් තමයි, මේ විහාරගම් දේවාලගම් කියන්නේ බෞද්ධ විහාරගම් දේවාලෙගම්. ඒවා මේ වෙනත් ආගම්වලට සම්බන්ධය ස්ථාන ඉඩකඩම් නොවෙයි. පෙර රජවරු මේ ඉඩකඩම් පූජා කරලා තිබෙන්නේ මේ ස්ථානවල නඩත්තුවට ඒ ස්ථානවල නඩත්තුව සිදුකිරීමට අවශ්‍ය යම් සම්පත් සොයා ගැනීමටයි.
ඇතැම් විට ඒ ඉඩකඩම් බදු දීලා මුදල් හුවමාරු කර ගැනීමට අවස්ථාව තිබෙනවා. ඉතින් මේ ඉඩකඩම්වල කාලයක් තිස්සේ පදිංචි වෙලා සිටින අය ඉන්නවා. ඒ ඉඩකඩම් නිදහස් නෑ කියලා ඒගොල්ලො හිතනවා ඇති. නමුත් ඇත්ත කතාව නං විහාරස්ථානයේ යටතේ ඒ අයට සාමකාමීව ඒ බෞද්ධ පරිසරයක් තුළ ජීවත් වෙන්න ඉඩකඩ තිබෙනවා.
ඉතින් ඒක වැරැද්දක් නෙවෙයි මොකද විහාරස්ථානයේ නායකත්වය යටතේ ඒ අයගේ ආගමික භාවිතාවන් සංස්කෘතික භාවිතාවන්ට නායකත්වයක් එතනින් සැපයෙනවා. පැරණි රජවරු ඒ කටයුතු ඒ විදිහට විහාරස්ථානයේ මූලිකත්වයෙන් කරන්ට ඕන කියල හිතලයි නීති රීති පැනෙව්වේ. මේ රටේ සංස්කෘතිය බිඳ වැටීම තුළින් රාජ්‍යයත් බිඳ වැටෙනවා යන සංකල්පය උඩයි, එහෙම කළේ.
රාජ්‍යයේ ඒ කීයභාවය ඇති කරන්නට තමයි මේ වගේ සංකල්පයක් මේ වගේ විහාරගම් ඇති කරලා මේ සිද්ධ කරේ. ඒ වගේම බෞද්ධ දේවාලෙගම්. මේ බෞද්ධ දේවාලගම් කිව්වහම මේවා හින්දු දේවාලගම් නෙවෙයි. හින්දු සංස්කෘතිය තුළ තියෙන ඇතැම් අංග අපේ සිංහල සංස්කෘතියට එකතු වීම තමයි මේ දේවාලගම්වල ස්වභාවය. ඉතින් ඒකෙනුත් කියන්නේ අර විහාරස්ථානයත් සහ ඒ දේවාල යටතේ තියෙන සංස්කෘතිය තුළ ඒ ඉඩකඩම් පහසුවෙන් කළමනාකරණය කරගැනීමට අවස්ථාව දෙන බවයි.
ඒ වගේම ඒ ජීවත් වෙන ජනතාව බෞද්ධයන් විදියට ජීවත් වෙන්නට අවස්ථාව සලසා දීම. ඉතින් මේ තත්ත්වය ඇහැට කටු වඳිනවා වගේ වෙන්න පුළුවන් වර්තමාන බුද්ධ ශාසන ඇමතිතුමාට ඒක නිසා තමයි මේ ඉඩකඩම්වල වර්තමානයේ ජීවත්වෙන ජනතාව උසිගන්වලා විහාරස්ථානයට විරුද්ධව නඩු කියන්ට පොළඹවන්න ඔහු උත්සාහ කරන්නෙ. මේ, උත්සාහය තුළ, තිබෙන්නේ බෞද්ධ සංස්කෘතිය කෙරෙහි තියෙන වෛරයයි.
මතුගම සෙනෙවිරුවන්