භික්ෂූන් වහන්සේ නමක් විදේශ ගත වෙන්නේ නම් එහිමියන්ගේ ගුරු ස්වාමින් වහන්සේ, ප්‍රාදේශීය නායක ස්වාමීන් වහන්සේ සහ එහිමියන් නියෝජනය කරන නිකායේ මහනායක ස්වාමීන් වහන්සේලාගේ නිර්දේශයක් ලබා ගත යුතු බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.
මීට පෙර සිට පැවති එම වැඩපිළිවෙළ යම් යම් හේතු නිසා පසුගිය කාලයේ අක්‍රමවත්ව තිබූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
සියලු නිකායන් නියෝජනය කරන ලේඛකාධිකාරී හිමිවරු ජනාධිපතිවරයා සමග මේ සමබන්ධයෙන් පසු ගිය දිනක දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ බවත් එහිදී කාරණා ගණනාවක් සම්බන්ධයෙන් එකඟතාවට පැමිණි බවත් එහිදී විදේශගත වීමේ දී නායක මාහිමිපාණන් වහන්සේලාගේ අවසරය ලබා ගැනීම අනිවාර්යය කාරණයක් ලෙස තීරණය කළ බවත් ඔහු පැවසීය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේලා 21 නමක් අත්අඩංගුවට පත්වීම අභාග්‍ය සම්පන්න සිදුවීමක් බවත් මෙවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවීමට කටයුතු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එසේම අදාල ස්වාමින්වහන්සේලා සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.
ඊයේ (29) ලේකඛාධිකාරී හිමිවරු, නීතිපතිවරයා සහ බුද්ධ ශාසන අමාත්‍යංශ නිලධාරීන් ඉතා පුළුල් සාක්ඡාවක් ආරම්භ කළ බවත් එහිදී ඉතා කඩිනමින් විහාර දේවාලගම් අඥාපනත සංශෝධනය කර එහි 41, 42 වගන්තිවලට අනුව මෙවැනි අවස්ථාවලදී කටයුතු කිරීමේ බලය මහානායක හිමිවරු ප්‍රමුඛකරගත් මණ්ඩලයකට ලබා දීමට පිළිබඳව මෙහිදී යෝජනා වූ බවද ඔහු පැවසීය.