පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් වැඩිකිරීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කරලා නැහැ. නමුත් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වීමත් සමඟ, ඉන්ධන දීමනාව හිමි රජයේ නිලධාරීන්ට ලැබෙන මුදල වර්තමාන මිලට ගැලපීමට රජය පියවර ගත්තා.
ඒ අනුව ඉන්ධන දීමනාව ලබන සියලුම නිලධාරීන්ගේ මාසික ආදායමේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. එය මන්ත්‍රීවරුන්ටත් පොදු තත්ත්වයක්.”
මන්ත්‍රී මූලික වැටුපේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත් දීමනා සංශෝධනය වීම නිසා වැටුප් වාර්තාවල යම් මූල්‍යමය වැඩිවීමක් නිරීක්ෂණය විය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.