මහජන ආරක්ෂක ලේකම්ට එරෙහි ගල්කිස්සේ නඩුවට කොළඹින් අතුරු තහනමක්…!

August 7, 2026 at 6:38 pm | by emanisa.lk

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

2023 වසරේ වැල්ලවත්ත පොලිස් වසම තුළ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් රවී සෙනෙවිරත්නට එරෙහිව වැල්ලවත්ත පොලීසිය මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබිණි.

රවී සෙනෙවිරත්න, එම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගැනීමෙන් අනතුරුව අනිත් චෝදනා දෙක ඉවත් කර ගැනීමට පොලිසිය එකඟතාව පළ කළේය. එසේ තිබියදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකරුට රුපියල් 2500ක දඩයක් නියම කරනු ලැබීය.

එම දඩය නියම කර තිබෙන ආකාරය මෙන්ම මහේස්ත්‍රාත්වරයා එම නඩුකරයට අදාළව නිකුත් කර තිබෙන නියෝග නීතියට පටහැනි බව රවී සෙනවිරත්න සිය පෙත්සම මගින් සඳහන් කර තිබේ.

රවි සෙනවිරත්න විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *