කින්නියා රජමහ විහාරයත් බෞද්ධයාගෙන් උදුරා ගනී…. උණුවතුර ළිංවලට ඉහළින් විහාරය මත වැසිකිළි… කොටි හැදූ බිල්ඩිමක කෝවිලක් අටවයි…!

August 5, 2026 at 11:42 am | by emanisa.lk

නැගෙනහිර ත්‍රිකුණාමලයේ කන්නියා උණු වතුර ළිං කියන්නේ නිකන්ම නිකන් උණු වතුරෙන් නාල එන්න තියෙන තැනක් නෙමේ.එතන තියෙන්නෙ ඉපැරණි කන්නියා උණුවතුර ළිං රාජමහා විහාරය. ඒත් දැන් මේ විහාරය කෝවිල අම්මා කියන ගැහැනිය කියනා පරිදි හිංදු කොවිලක්. ඔබ ගියාම වාහනය පාර්ක් කරන ස්ථානය මේ ඉපැරණි විහාරයේ ඉඩම්. ඔබේ වාහනයට අද ටිකට් එක කඩන්නෙ කෝවිල් අම්මා. කොටින්ම ඇය ව්‍යාපාරිකාවක්.

ඔබ ගියාම බලන්න උණු වතුර ළිං වලට උඩින් තියෙන වැසිකිළි පද්ධතිය හදල තියෙන්නෙ ඉපැරණි විහාරයේ ගොඩනැගීල්ලක් යට කරල ඒක උඩ. යන තැනම වට කරල තියෙන්නෙ පැරණි ස්තූපය. ඊට එහාහින් පිටි පස්සෙ තියෙන්නෙ පිළිමගේ. අපි යන එන පාරෙන් එහා පැත්තේ ගොඩගහල තිබුණේ ගල්කණු සඳකඩ පහනවල්.

ක්‍රි. ව දෙවන තුන්වන සියවසේ ගොඩනැගුණු බව පැවසෙන මේ විශාල විහාරය අද අච්චරුවක් වෙලා. ඒ විතරක් නෙමේ මේ විහාරය තුළ ත්‍රස්තවාදී යුද සමයේ ඉදි කළ ගොඩනැගිල්ලක කෝවිලක් පවත්වාගෙන යනව.

කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පහුගියදා චෛත්‍යය සංරක්ෂණය සදහ මුල්ගල තිබ්බා. එහිදි උප්පවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති චෛත්‍යය ප්‍රතිසංස්කරණ කරන උත්සවය වර්ජනය කරමින් මේක කොවිලක් බවත් මෙහි චෛත්‍යයක් ගොඩ නැගීමට ඔහු විරුද්ධ බවත් ප්‍රකාශ කර තිබෙනව.

එසේම පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ මෙම ස්ථානය බෞද්ධ විහාරයක් බව පැහැදිලිව සනාථ කර තිබියදි ඔවුන් එය පිළිගන්න කැමති නෑ. මේ ස්තුපය ස්තූපයක් ලෙස නොව පුරාවස්තුවක් ලෙස විතරයි ඔවුන් අහන්න දකින්න කැමති.

මේ කෝවිල් අම්මා කියන ස්ත්‍රිය විග්නේෂ්වරන්ලාගේ උපදෙස් මත චෛත්‍ය ප්‍රතිසංස්කරණ කිරීම නවත්වන ලෙස ඉල්ලා නඩුවක් ගොනු කිරීම නිසා පසුගිය අගෝස්තු 03 වෙනි සඳුදා එම නඩුව කැඳවන ලද අතර ලබන අගෝස්තු 30 වෙනිදාට එම නඩුව කල් ගිහින්. පාර්ලිමේන්තුවේ දෙමළ මන්ත්‍රිවරු මේ ගැන කතා කරමින් කියනව මෙහි නීති විරෝධි ඉදිකිරීමක් කරනව කියල.

මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නඩුවක් ගොනු කර ඉහත කී කොවිල ඉවත් කිරීමට නඩුවක් දමා තිබුණා. එම නඩුව සමථයකට පැමිණ තිබුනේ කෝවිල ඉවත් කිරීමට සහ පුරාවිද්‍යා බලතල අනුව ස්තූපය සංරක්ෂණය කිරීමට. එසේම කෝවිල සඳහා පුරාවිද්‍යා කොටසින් ඉඩමක් ලබා දීමටත් එකඟ වෙලා

ඔබට මේ බලහත්කාර ආක්‍රමණය පේන්න ඕන. දැන්වත් දෙමළ මුස්ලිම් කල්ලි එකතු වෙන්නෙ ඇයි කියල පේන්න ඕන. නැගෙනහිර සහ උතුරේ චෛතයක් හදන්න බෑ. ඔවුන්ගෙ නීතිය ඒක. ඔවුන්ට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙම චෛත්‍යය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණය කළ හැකි වුවත් කිසි විටෙක එය බෞද්ධ චෛත්‍යයක් ලෙස නම් කරන්න හෝ චෛත්‍යයක් ලෙස සංවර්ධනය කරන්න බෑ. ඔවුන් කියන්නේ ඒක. මේක කොයිතරම් වැරදි පහත් දෙයක්ද? භුමියේ අපේ අයිතියට අභියෝග කරන හැටි.

ඉතිං සිංහල බෞද්ධ අය විදියට ඔබට යුතුකමක් තියෙනව අපේ උරුමය රැකගන්න. නැත්නම් අඩුම තරමේ සහජීවනය කියන මහා අප්‍රසන්න වචනයට මුවා වෙලා මේ ජාතියක මහා ශිෂ්ටාචාරය විනාශ කරන්න ඉඩ නොදෙන්න. මීට පස්සෙ කෝවිල් අම්මගෙන් ටිකට් එකක් අරන් වාහනය පාර්ක් කරල ඇවිත් උණු වතුර ළිංවලින් කකුල් දෙක හෝදගෙන යන එකට වඩා එහාට ගිහින් බලල මේ අපේ මුතු මිත්තන් ගොඩ නැගූ අපේ උරුම්‍ය නේද කියල පහන් සංවේගයක්වත් ඇති කර ගන්න.

චම්පා වෛද්‍යතිලක

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස