මුළු රාජපක්ෂ පවුලටම නඩු.. මෙහෙම පවුලක් ලෝකෙම නෑ… මෙහෙම වෙන්න එපා කියලා ලොකේ හැම පාසලකම දරුවන්ට උගන්වන්න ඕන…! – නජිත් ඉන්දික….

August 5, 2026 at 10:55 am | by emanisa.lk

අරගල සමයේ තිරිකුණාමලයේ ඈත දූපතක සැඟව පණ බේරාගත් නාමල් රාජපක්ෂ තමන් පස්සේ දොරෙන් පැන යන්නේ නැතැයි පම්පෝරි කතා කියමින් ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.

“රාජපක්ෂ පවුල කියන්නේ ලෝකයේ තියෙන විශේෂිත පවුලක්. නාමල් රාජපක්ෂට නඩු. තාත්තාට නඩු. අම්මට නඩු. ලොකු මල්ලිට නඩු. පොඩි මල්ලිට නඩු. ලොකු තාත්තාට නඩු. ලොකු තාත්තාගේ ලොකු පුතාට නඩු. ලොකු තාත්තාගේ පොඩි පුතාට නඩු. බාප්පට නඩු. මාමා කෙනෙකුටත් නඩු. මුළු පරම්පරාවටම නඩු.

ලෝකේ ඉස්කෝලවල උගන්වන්න ඕන මේ පවුල ගැන. කවදාවත් තමන්ගේ පවුල මේ තත්වෙට පත් කරගන්න එපා පුතේ දුවේ කියලා. ආච්චිටත් නඩු. දන්නවා නේ අපි ගැන අපෙන් අහනවා. අපි නෙමෙයි, මුළු ලෝකෙම දන්නවා. මේ වගේ පවුලක් ගැන මුළු ලෝකෙම දන්නවා.

ඔහොම පවුල් වෙන නෑ. මොකද ඕක කරන්න එපා කියන්න එකෙක් ඉන්නවා පවුලක. නමුත් එහෙම නෑ නෙ. ඔක්කොම කරලා. ඔය චණ්ඩි පාට් අපට දාන්න ලෑස්ති වෙන්න එපා. එහෙම යුගයක් ඔයාලා ගත කළා. ඒක ඉවරයි.”

නජිත් ඉන්දික මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *