ජනපති ඇමති බහාළුම් කමිටුවට ගේන්න බැරි වුණේ විපක්ෂයේ වරදින්…! – නජිත් ඉන්දික…

April 25, 2026 at 2:50 pm | by emanisa.lk

කොළඹ වරායේ බහාලුම් 323ක් මුදාහැරීම සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලැබෙන සාක්ෂි අනුව විපක්ෂය බලාපොරොත්තු වූ චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.

ඒ හේතුවෙන් එම කමිටුවේ විශ්වසනීයත්වයට හානි වන අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ඇතුළු පිරිසක් කටයුතු කරමින් සිටින බවටද ඔහු චෝදනා කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ වරායේ බහාලුම් 323ක් මුදාහැරීම සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් පවතින බවට පළ වන වාර්තා ගැන අදහස් දක්වමිනි.

අදාළ කමිටුව ඊයේ (22) රැස්වී ඇති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ඩී.වී. චානක සහ මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා, බිමල් රත්නායක අමාත්‍යවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට එම කමිටුව හමුවට කැඳවීමක් සිදු කරන ලෙසට ඔවුන් කමිටු සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නද එය ආණ්ඩුව වැඩි ඡන්දයෙන් පරාජය කර ඇත.

ජනාධිපති ඇතුළු පිරිස කමිටුව හමුවට කැඳවීමට තමන් විරුද්ධ නොමැති බවත් විපක්ෂය අදාළ පිරිස කැඳවීමේ අවශ්‍යතාව කුමක්ද යන්න කමිටුව හමුවේ පැහැදිලි කිරීමට අසමත් වූ බවත් නජිත් ඉන්දික පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *