මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
“මහර ගැටුමට මුල ඔබ දන්නවාද?
* මීගමුව බන්ධනාගාරයේදී තම නිළධාරීන් 10 ක් ඝාතනය වීම නිසා බන්ධ පොලිස් නිළධාරීන් හිටියේ රැඳවියන් සමග දැඩි තරහකින්.
* මේ නිසා මහර බන්ධනාගාරයේ ගේට්ටුවේ සහ රැඳවියන්ව බලන්න එන ඥාතීන් සම්බන්ධව රාජකාරි කරන බන්ධ පොලිස් නිළධාරින් රැඳවියන්ගෙන් පලි ගන්න අලුත් නීති ගෙනාවා.
* ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන්ට රැඳවියන් බැලීමට ලබා දුන් කාලය විනාඩි 10 සිට විනාඩි 5 ට සීමා කළා.
* රිමාන්ඩ් සිර කරුවන්ට වෙනදා යහමින් ගෙදරින් ගෙනා ආහාර සීමා කළා. උදාහරණයකට තමා සමග එකට සිටින විසිට් නොඑන රැඳවියන් 10-15 ට වෙනදා එළියෙන් ආහාර ගෙන්වා ගන්නා රැඳවියන්ට ඉන් පසු ආහාර ගෙන්වීම ඔහුට ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයකට සීමා කළා.
* සිර දඬුවම් විඳින අම්පාර මඩකලපුව වැනි දුර පලාත්වල පදිංචිව සිටි සිරකරුවන්ගේ ඥාතීන් තම රැඳවියන් බලන්න ආවෙ මාස තුනකට හතරකට එක් වරක් පමණයි. ඒ එන විට සනීපාරක්ෂක ද්‍රව්‍ය මාස තුන හතරකට ප්‍රමාණවත් සංඛ්‍යාවක් ගෙනාවා.
* උදා: සබන් කෑලි 40 – 50 ක්, රේසර් 10 ක් වැනි සංඛ්‍යාවක් ගෙනාවා.
* බන්ධ පොලීසිය ඥාතීන්ට සීමා කළා එක වරකට සබන් කෑලි 5 ක් සහ රේසර් 1 ක් පමණක් ගේන්න. මේ නිසා දුර පලාත්වල ඥාතීන් සිටින රැඳවියන්ට සිදු වුණේ ලොකු අසාධාරණයක්.
* මීට අමතරව ගේට්ටුවේදී රැඳවියන් පරීක්ෂා කිරීමද තව තද කළා.
* මීගමුවෙන් මාරු කරපු රැඳවියන්ට අඟුනකොලේදි, වැලිකඩදි වගේම නැව් ගුටි ලැබුණ.
* රැඳවියන් මේ අසාධාරණය ප්‍රධාන ජේලර් ගයාන් වෙත සැල කළහම ගයාන් ගත්තේ බන්ධ පොලිස් නිළධාරින්ගේ පැත්ත.
* මේ කරුණු නිසා මහර රැඳවියන් බන්ධ පොලිස් නිළධාරින් සමග දැඩි තරහකින් පසු වුණා.
* ඊයේ සවස මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ආරම්භ වුණේ රැඳවියන්ගේ ඥාතීන් ගෙනා ආහාරවලින් විශාල ප්‍රමාණයක් බන්ධ පොලිස් නිළධාරින් හරවා යැවීමට විරෝධය පල කරලා.
* මීගමුව අත්දැකීම නිසා. බන්ධනාගාර නිළධාරින් රැඳවියන්ට කැමති දෙයක් කර ගන්නට දී ප්‍රධාන දොරටුවෙන් එළියට ආව.
* ප්‍රතිඵලය වුණේ කෝප වූ රැඳවියන් බන්ධනාගාර දේපලවලට අලාභ හානි කිරීමයි.
* එමෙන්ම තමන්ට කුරිරු වූ ප්‍රධාන ජේලර් ගයාන්ගේ නිල කාමරයටද රැඳවියන් දැඩි අලාභ හානි සිදු කළා.
* ඇමති හර්ෂණ මෙන්ම බන්ධනාගාර කොමසාරිස්, ජ්‍යේෂ්ඨ නිළධාරින් මෙන්ම බන්ධ පොලීසියද මීගමුවෙන් පාඩමක් ඉගෙන ගෙන රැඳවියන් සමග සුහදව කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට රැඳවියන්ට වද දුන්නා, අයුතු සහගත නීති ගෙනැවිත් රැඳවියන්ගේ සීමිත වරප්‍රසාද පවා කපා හැරියා.
* ප්‍රතිථලය වුණේ මහා විනාශයක්
* දැන්වත් ඇමති ඉල්ලා අස් වෙයිද?
* දැන්වත් රැඳවියන්ට තාප්පයේ ලියවිල්ලට සීමා නොකොට මනුෂ්‍යයන් ලෙස සලකයිද?
* අපි බලා සිටිමු. “
– නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න
FB