යාපනේ පුස්තකාලෙට දකුණේ මැරයන් ගිනි තිබ්බ කතාව බොරුවක්…!

July 25, 2026 at 2:36 pm | by emanisa.lk

යාපනය පුස්තකාලයට දකුණින් ගිය මැර කණ්ඩායම් විසින් ගිනි තැබූ බවට සමාජගත මතය අසත්‍යයක් බව එම සිදුවීමට සමකාලීන දෙමළ විද්වතුන් සහ දේශපාලනඥයන් සම්පාදිත ලිපි ලේඛන උපුටා දක්වමින් ඉංජිනේරු නලින් සුබසිංහ ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවට ලිපියක් එකතු කරමිනි.

යාපනය පුස්තකාලය ගිනි තැබීම පිළිබඳ මිථ්‍යාව

එරංග ගුණසේකර මන්ත්‍රිවරයා ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ යාපනය පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධයෙන් දැනට තියෙන පචවලට අමතරව අලුත් පචයක් එකතු කර තිබිණි.

ඔහු පවසන්නේ සංවර්ධන සභා රැළියේදී සිවානන්දන් නම් පොලිස් නිලධාරියෙකු ඝාතණය කළ බවයි. ඒ කතාවෙන් ඇඟවෙන්නේ ඒ පොලිස් නිලධාරියා ඝාතණය කළේ දකුණෙන් ගිය එජාප දේශපාලකයන්ගේ මැරයන් බවයි. මේක සම්පූර්ණ අසත්‍යයකි.

1981 මැයි 31 දින ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මැතිවරණ රැළියේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්නේ PLOTE සංවිධානයයි. වෙඩි තබන්නේ වෙන කවුරුත් නොව පසු කලෙක එහි සන්නද්ධ නායකයා වූ මානික්ක දාසන් බව මා හට මෑතක තොරතුරු ලැබිණි. වෙඩි තැබීමෙන් සාජන් පුංචි බණ්ඩා එතනම මිය ගිය අතර (ඔහුගේ නම එරංග ගුණසේකරට අමතක වීම අහම්බයක් විය නොහැක) පසුව කොස්තාපල් කනගසුන්දරම් මිය ගියේය. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල සිදු විය.

ඉන්පසු එරංග ගුණසේකර මන්ත්‍රිවරයා සඳහන් කරන්නේ එජාප මැරයන් යාපනයේ ඊලනයාඩු පුවත්පත් කාර්යාලයද ගිනි තැබූ බවයි. මෙයද අසත්‍යයකි. ඊලනාඩු පුවත්පත් කාර්‍යාලයට ගිනි තබන්නෙද ඉකුත් සිද්ධියෙන් කුපිත වූ පොලිස් නිලධාරීන් මිස දකුණෙන් ගිය එජාප මැරයන් නොවේ.
එමෙන්ම ඊට පසු දින යාපනය පුස්තකාලය ගිනි තබන්නේත් මේ කුපිත වූ පොලිස් නිලධාරීන් විසින්මය.

මේ සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ටී. සභාරත්නම් සිය ලේඛනයක සඳහන් කරන්නේ මෙසේය:
Around 10.30 on the dark night of 1 June 1981, an agitated anonymous person telephoned Municipal Commissioner C. V. Sivagnam and informed him that the library was on fire. Sivagnam called Jaffna Government Agent Yogendra Doraisamy, but his wife answered the call. She said she was unaware of the burning, but would check and get back. She rang back a few minutes later and confirmed the information. Sivagnam rang the Municipal Guard Room. The guards, too, confirmed the burning. They told him that the policemen were setting the fire.
Sivagnam ordered the six guards on duty to take the two water bowsers and douse the fire. The Jaffna Municipal Council had no fire engine. “Stop it from spreading to the other sections,” he ordered and rushed to the spot.
He was prevented from going to the Library or the Municipal Council. Police guards blocked him and ordered him back. Police also stopped the municipal employees from going to the library. “If you get on to the road, we will shoot,” the men manning the barricade opposite the Municipal Council barked.

ඊලනයාඩු පුවත්පත් කාර්යාලයට ගිනි තැබීම ටී. සභාරත්නම්ගේ ලේඛනයේ සඳහන් වෙන්නේ මේ ආකාරයෙනි:
Gopalaratnam, the Eelanadu editor told me: “I had just finished the editorial criticizing Sunday’s (May 31) atrocities of the police and had sent it for composing. The editorial staff was busy with their last minute report of the police atrocities that had commenced a few hours earlier. We had just completed printing a page of photographs showing the demolished statues of Tamil cultural and religious figures erected at the main road junctions in the town. We also hear bursts of sporadic gunfire and it was rumoured that ministers were directing these operations. Just then, a police party, after surrounding the building, burst into the office and chased us away. They poured petrol and set fire to the printing press and the office building.”

යාපනය පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට යැවූ ලිපියේ සඳහන් වන්නේ මේ ආකාරයෙනි:
What is most shocking is that on Monday the 1st, when the IGP and other top officials were in Jaffna, these same policemen had started their acts of arson, looting and destruction at 9 p.m. They had set fire to the Jaffna Public Library, the press and the office of the daily Eelanadu and a number of shops in Jaffna.

මේ අනුව යාපනය පුස්තකාලය ගිනි තැබීම සහ මැයි 31 සහ ජූනි 1 දා සිදු වූ ගිනි තැබීම් සහ කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් වග කිව යුත්තේ යාපනයේ සිටි පොලිස් නිලධාරින් මිස දකුණෙන් ගිය එජාප මැරයන් නොවන බව පැහැදිලිය.

මේ සිදු වීමෙන් පසු සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට විශාල දේශීය මෙන්ම විදේශීය බලපෑමක් එල්ල වූ අතර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ස්වාධීන කොමිෂමක් ස්ථාපිත කරනු වෙනුවට සිදු කළේ අභ්‍යන්තර පොලිස් පරීක්ෂණයක් සිදු කිරීමයි. ඉන් කිසිදු දඬුවමක් එකුදු පොලිස් නිලධාරින්ට නොලැබුණු අතර ඔවුන් සියළු දෙනාට යාපනයෙන් පිටතට සේවා මාරු පමණක් ලබා දෙන ලදී. සමහරුන්ට උසස් වීම් ද ලැබිණි.

කෙසේ වුවත් දකුණෙන් සංවර්ධන සභා ඡන්දය මංකොල්ල කෑමට එජාප මැර පිරිස් මේ දින වල යාපනයට පැමිණ තිබීම සත්‍යයකි. ඔවුන් එලෙස පැමිණ සිටියේ වෙනත් පූර්ව සැලසුමකට අනුව ඡන්දය පෙට්ටි බලෙන් පිරවීමටයි. යාපනය පුස්තකාලයට ගිනි තැබීමය ඔවුනට අපේක්ෂාවක් හෝ අරමුණක් නොවීය.

නමුත් පසුකාලීනව යාපනය පුස්තකාලය ගිනි තැබීමේ අපවාදයද එජාප නායකයන් ගේ පිටින් ගියේය.
කෙසේ නමුත් යාපනය පුස්තකාලය ගිනි තබන අවස්ථාවේ පොලිස්පතිවරයා, හමුදාපතිවරයා මෙන්ම ගාමිණි දිසානායක ආදි ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන් පිරිසක් යාපනය නගරයේ නැවතුම් ගෙන සිටි අතර ඔවුන් මේ සිදු වීම් නැවතීමට කිසිම මැදිහත් වීමක් කළේ නැති බව කිව යුතුය. සමහර විට කුපිත වූ පොලිස් නිලධාරීන් කළ ගිනිතැබීම් පසුවදා තමන් සැලසුම් කරගෙන සිටි චන්ද මංකොල්ලයට වාසිදායක පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත.

මෙ නිසා මේ අපවාදයෙන් සම්පූර්ණයෙන් ගැලවීමට ඔවුන්ට නොහැකි බව ද කිව යුතුය.

නලින් සුබසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස