ළමයින් 50ට අඩු පාසල් ලංකාවේ තවත් තිබිය යුතු නෑ….! – නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ…

July 22, 2026 at 4:32 pm | by emanisa.lk

රටේ ආර්ථිකය ශක්තිමත් මට්ටමක නොමැති නම් දිගුකාලීන සංවර්ධන ගමනක් යා නොහැකි බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“අපට කොතරම් දිගු ගමනක් යාමට අවශ්‍ය වුවත්, ආර්ථිකය යහපත් මට්ටමක නැත්නම් ඒ ගමන යන්න බැහැ.

අපට විශාල ජනවරමක් ලැබී තිබෙන්නේ ඒ වෙනුවෙන්. අපේ රජයේ පළමු වසර පහ ඇතුළත ලංකාවේ ළමයින් 50ට අඩු පාසල් තව දුරටත් තිබිය යුතු නැහැ කියන ස්ථාවරයේ අප ඉන්නවා.”

රටේ පවතින සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කරමින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම රජයේ අරමුණයි.”

උත්සව අවස්ථාවක් අමතමින් නි. අමාත්‍ය නලින් හේවගේ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *