ආණ්ඩුවට සියයට 50ක ජනප්‍රසාදයක් තිබේ නම් පළාත් සභා ඡන්ද තියන්න…! – සුජීව සේනසිංහගෙන් ආණ්ඩුවට අභියෝගයක්….

July 22, 2026 at 10:20 am | by emanisa.lk

ආණ්ඩුවට සියයට 50ක ජනප්‍රසාදයක් තිබේ නම් ලබන මස පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි.

“ආණ්ඩුවට සියයට 50ක කැමැත්තක් තිබෙන බව පුවත් පත්වල පළවෙලා තිබුණා. ආණ්ඩුවට එවැනි කැමැත්තක් තිබෙනවා නම් ලබන මාසයේ පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා.

පළාත් සභා මැතිවරණය ලබන මාසයේ පැවැත්වුණහොත් මධ්‍ය පළාතේ මහ ඇමැති ධුරයට මම ඉදිරිපත් වෙනවා.

ඒ වගේම විනිසුරුවන්ගේ කාලය දීර්ඝ කිරීම 2027 ජනවාරි මාසයේදී සිදුකළොත් මම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. ජනාධිපතිවරයා 2027 දී ජනවාරි මාසයේදී විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම සිදුකරන්නේ නැහැ. ආණ්ඩුවට අවශ්‍ය පරිදි රාජ්‍ය බලය හසුරුවන්න ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටයුතු කරනවා.”

ඔහු මේ බව පැවසුවේ ඊයේ (21) කොළඹදී පැවති සමඟි ජන බලවේග මාධ්‍ය හමුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *