රටේ සංවර්ධන කටයුතු වේගවත් වීම නිසා මේ වන විට යම් කාර්යක් සඳහා බාස් කෙනෙකු සොයා ගැනීම ඉතාම අසීරු වී ඇතැයි නි. අමාත්‍ය ටී.බී. සරත් ප්‍රකාශ කරයි.
“දැන් ගමකට ගියාම බාස් කෙනෙක් හොයා ගන්න හරි අමාරුයි. ඒ තරම් වැඩ පටන් අරන් තියෙන්නේ.
මේ අවුරුද්ද අවසන් වෙලා ලබන අවුරුද්ද පටන් ගන්න කොට වෙල්ඩින් බාස්ලා ඉලෙක්ට්‍රික් බාස්ලා වගේ වෘත්තීන් සඳහා දහ දාහකට වඩා පිට රටින් ගේන තත්ත්වෙට පත්වෙලා තියෙන්නේ.
ඒ තරම් වේගවත් සංවර්ධනයක් අත්පත්කරගෙන තියෙන්නේ කවුරු මොනවා කීවත්. ඉන්දියාව, පාකිස්ථානය වගේ රටවලුත් අභිභවා අපි තරමි වේගයෙන්ම සංවර්ධනය වෙන රට. දැන් රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගොවීන් තුළ ඇති කරන ලද ප්‍රශ්නය.”
නි. අමාත්‍ය ටී.බී. සරත් මේ බව ප්‍රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.