පහුගිය ආණ්ඩු සාමාන්‍ය ජනතාව මත බදු ගසමින් දයා ගමගේ, අර්ජුන් ඇලෝසියස් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි දැවැන්ත ව්‍යාපාරිකයන්ට බදු සහන දුන් බව නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
එහෙත් වර්තමාන ආණ්ඩුව එම බලවතුන්ගෙන් බදු එකතු කිරීම ආරම්භ කළ බවත් සාමාන්‍ය ජනතාවට බදු නොගැසූ බවත් ඔහු පෙන්වා දෙයි.
එසේ අය කළ බදුවලින් රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැවීමටද, අලුතින් 120 000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමටද රඹුක්කන නුවර, කොළඹ මීරිගම අධිවේගී මාර්ග තැනීමටද යොදවන බව ටී.බී. සරත් අවධාරණය කරයි.
හිටපු පාලකයන් කෝටි ප්‍රකෝටි ගණනින් ණය ගෙන අධිවේගී මාර්ග තැනුවද අද ජනතාව උපයන ධනයෙන් ආණ්ඩුව සාධාරණ කොටසක් ලබා ගෙන රටේ සංවර්ධන කටයුතු සිදුකරන බවද හෙතෙම පෙන්වා දෙයි.
ජනහමුවක් අමතමින් නි. ඇමති ටී.බී. සරත් මේ බව කීය.