මහා භාණ්ඩාගාරය ඕස්ටේලියාවට ගෙවිය යුතු ණය මුදලින් කොටසක් පසුගිය නොවැම්බර් මස ව්‍යාජ ගිණුමකට ගෙවන අවස්ථාවේ එය අවස්ථා කිහිපයකම අසාර්ථක වී ඇති බව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.
මෙම සිදුවීම මහ බැංකු නිලධාරීන් මෙන්ම මහා භාණ්ඩාගර නිලධාරීන්ද දැන සිට ඇති බවත් ඒ අවස්ථාවේ අදාළ නිලධාරීන් එකතු වී ඒ පිළිබඳ විමර්ශනයක් කළේ නම් මෙම මුදලින් විශාල කොටසක් ආරක්ෂාකරගත හැකිව තිබූ බවද ඔහු අවධාරණය කරයි.
මෙම මුදල නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම පිළිබඳ මේ වන විට සාකච්ඡා කරමින් සිටින අතර මෙම මුදල නැවත අත්පත්කරගත නොහැකි වුවහොත් අදාළ ණය ගෙවීමට රාජ්‍ය මුදල් භාවිත කිරීමට සිදුවන බවද ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ මුදල් කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේය.