ෆයරින්ග් ඕඩර්ස් ගැන මට අවබෝධයක් නෑ… ගෙදර ගිහින් පොත කියවලා බලන්න ඕන…! – අධිකරණ ඇමති…

July 11, 2026 at 9:54 am | by emanisa.lk

බන්ධනාගාර නිලධාරීන්ට වෙඩි තැබීමේ නියෝග ලබාදීම පිළිබඳ තමන්ට අවබෝධයක් නොතිබුණු බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නාානායක්කාර පවසයි.

“මට නම් එහෙම ඕඩර් දෙන්න නීතියෙන් කිසිම බලයකුත් නෑ. ඒක නම් අදාළ වෙන්නෙ නෑ. ටෙලිෆෝන් කෝල් ගන්න ඉතින් දවසට 400ක් විතර එනකොට ගන්න පුළුවන් ප්‍රමාණයකුත් තියෙනවා, බැරි ප්‍රමාණයකුත් තියෙනවා.

නමුත් ඒ වෙලාවේ අවශ්‍ය සම්බන්ධකම් හදාගත්තා, මට ප්‍රිස්න් එක කන්ටෑක්ට් කරගන්න අපහසුතාවන් ටිකක් තිබුණා. ෆයරින් ඕඩර්ස් පිළිබඳව අවංකවම මට අවබෝධයක් නෑ. මම දන්නෙ එක දෙයයි, ඕනෙ ප්‍රිස්න් ඔෆිසර් කෙනෙක්ට තත්ත්වය පාලනය කරන්න වෙඩි තැබීමේ බලයක් තියෙනවා.

ඒ වගේම මම දන්නවා හමුදාව තුළ, පොලීසිය තුළ නම් ෆයරින් ඕඩර්ස්, කමාන්ඩින් චේන් සිස්ටම් එකක් තියෙනවා. මේ තුළ එහෙම එකක්.

ඔබතුමා තමයි මට ඉස්සෙල්ලාම ඔය ප්‍රශ්නය යොමු කළේ, දැන් ගෙදර ගිහිල්ලා මම ඒක කියවලා බලන්න ඕනෙ, එහෙම ෆයරින් ඕඩර්ස් දෙන්න ඕනෙද කියලා. මම දන්න තරමින් මට ඒකට උත්තරයක් දෙන්න බැහැ. එකම දේ ඇමතිවරයා නියෝග දෙන්න ඕනෙ නැහැ කියන එක විතරක් මම දන්නවා.”

අමාත්‍ය හර්ෂණ නානායක්කාර මේ බව පැවසුවේ ජාතික රූපවාහිනී නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *