මීගමුව බන්ධනාගාර ගැටුම මුල් කරගනිමින් තමාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වුවද, එවැනි බලපෑම්වලට යටත් වී තමා ඉල්ලා අස් නොවන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.
තමා එම ධුරයෙන් ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවත් යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් දැනුම් දීමක් කළහොත් තමා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
මෙම ගැටුම පිළිබඳ පත් කළ විමර්ශන කමිටුව මේ වන විට ඉතා ස්වාධීන මට්ටමින් සිය පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින බව ද අමාත්‍යවරයා අනාවරණය කරයි.
මෙම ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන රැඳවියන් ලබා දෙන ප්‍රකාශ, සමස්ත විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීමට සහ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට ඉතා වැදගත් සාක්ෂි වනු ඇති බව ද ඇමති හර්ෂණ නානායක්කාර වැඩි දුරටත් පෙන්වා දෙයි.