මීගමුව බන්ධනාගාරයේ 27 දෙනෙකුට මරු කැඳවූ ගැටුම පිළිබඳ වගකීම තමන් භාරගත්ත ද කිසිසේත්ම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.
“සජිත් ප්‍රේමදාස මැතිතුමා කරුණු වගයක් දැක්වුවා. අද මම විහිළු කරන්න හෝ රණ්ඩු කරන්න පුළුවන් මානසික මට්ටමක නෙවෙයි ඉන්නේ. ඒ හින්දා එතුමාගේ විහිළු කතාවලට වෙන දවසක මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔහු පාවිච්චි කරපු සමහර වචන මම කොහෙන් හරි ගිහිල්ලා කියවලා තේරුම් අරගෙන එන්න වෙනවා.
කෙසේ හෝ වේවා ඔහු මට යෝජනා කළා මම අසාර්ථක ඇමතිවරයෙක් නිසා ඉල්ලා අස්වෙන්න ඕනෙ කියලා. මා වගකීම භාරගන්නවා කිව්ව එකෙන් කීවේ එක දෙයයි. වගකීමෙන් පළායන්නේ නැහැ, වගකීම භාරගන්නේ මගේ ආයතනයක වෙච්ච ප්‍රශ්නයක් විසඳීමේ සදාචාරාත්මක වගකීම මට තිබෙන නිසා. ඒකටයි මම වගකීම භාරගත්තේ.
ඒ වගේම මම මේ රාජකාරිය නිවැරදි ලෙස නොකරනවා නම් මගේ ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් මගේ කණ්ඩායමත් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන මට උපදෙස් දේවි. අසාර්ථක වීම නිසා යමෙක් ඉල්ලා අස්වෙන්න ඕනෙම නම් මං හිතන්නේ විපක්ෂ නායකතුමා ඉස්සෙල්ලාම ඉල්ලා අස්විය යුතුයි”
ඇමති හර්ෂණ නානායක්කාර මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.