අත්දැකීම් නැති පිරිසකට ආණ්ඩු බලය ලැබිලා රටම අවුලක.. ගොඩගන්න පුළුවන් සජබෙට විතරයි…!

May 31, 2026 at 6:39 pm | by emanisa.lk

අත්දැකීම් නැති පිරිසකට ආණ්ඩු බලය ලැබිලා රටම අවුලක.. ගොඩගන්න පුළුවන් සජබෙට විතරයි…!

අත්දැ­කීම් නොමැති පිරි­සක් අතට ආණ්ඩු බලය ලැබී­මෙන් රට අවුල් ජාල­යක් බවට පත්ව ඇතැයි සමගි ජන­බ­ල­වේ­ගයේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ. හලීම් පව­සයි.

ආණ්ඩු­වට ඡන්දය දුන් ජන­තාව කල­කි­රී­මට පත්ව ආණ්ඩු වෙන­සක් අපේ­ක්ෂා­වෙන් කට­යුතු කරන බවත් රට වැටී තිබෙන තත්ත්ව­යෙන් ගොඩ­ගැ­නීමේ හැකි­යාව ඇති පිරිස සිටින්නේ සමගි ජන­බ­ල­වේ­ගයේ බවත් ඒ මහතා කීය.

සමගි ජන­බ­ල­වේ­ගයේ මහ­නු­වර දිස්ත්‍රික් බල­ම­ණ්ඩල රැස්වී­මෙන් අන­තු­රුව මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ. හලීම් මහතා මෙසේ ද පැව­සීය.

“ජාතික ජන­බ­ල­වේග ආණ්ඩුව පත්වු­ණාට පස්සේ මේ අය මොන­වද කරන්නේ කියා අපි අවු­රුදු දෙකක් බලා­ගෙන හිටියා. මැති­ව­ර­ණ­යේදී ජන­තා­වට දුන්න පොරොන්දු කිසි­වක් මේ අය ඉටු කරන බවක් තාමත් පේන්න නැහැ. දැන් අපි බලා හිටියා ඇති. ප්‍රධාන විප­ක්ෂය ලෙස අපි මේ ආණ්ඩුව ගෙන­යන ජනතා විරෝධී වැඩ­පි­ළි­වෙ­ළට විරු­ද්ධව නැඟී සිටිය යුතුයි. දව­සින් දවස ජන­තාව පීඩා­වට පත්වෙ­නවා. ජීවන විය­දම පාල­නය කරන්න ආණ්ඩු­වට වැඩ­පි­ළි­වෙ­ළක් නෑ.

ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ පාලන කාල­යේදී රට බංකො­ලොත් වුණා. ඒ වෙලාවේ අපේ වාස­නා­වට අපිට යළි නැඟී­සි­ටින්න ලෝකයේ අනෙ­කුත් රට­වල් උදවු කළා. මැද පෙර­දිග යුද­මය තත්ත්ව­යත් එක්ක අද ලෝක­යම අසී­රු­තා­වට පත්වෙලා. සෑම රටක්ම පාහේ ආර්ථික අර්බු­ද­ය­කට මුහු­ණ­දෙ­නවා. එවැනි පසු­බි­මක අපේ රට ආර්ථික අතින් වැටු­ණොත් අපට උදවු කරන්න කවු­රු­වත් ඉදි­රි­පත් වෙන්නේ නැහැ. මේක ඉතාම අවා­ස­නා­වන්ත තත්ත්ව­යක්. අත්දැ­කීම් නැති පිරි­සක් අතට බලය ලැබීම නිසා තමයි අද රට මෙත­රම් අර්බු­ද­කාරී තත්ත්ව­යක් කරා ගමන් කර­මින් තිබෙන්නේ. මේ රට ඉතාම ඉක්ම­නින් බාර­ගන්න අපි බලා­පො­රොත්තු වෙනවා. ජන­තාව ඒ වෙනස අපේ­ක්ෂා­වෙන් බලා සිටි­නවා. පුළු­වන් නම් පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන්න කියා අපි ආණ්ඩු­වට කිය­නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස