මාලිමාණ්ඩුව ජයග්‍රහණය කළ පසු සිය මිතුරා ඩොලර් මිලියනයක් නොව සිය මිතුරු පිරිසක්ද සමග ඩොලර් මිලියන 23ක් ලංකාවට රැගෙන ඒම පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර දිසානායක හමු වූ බව ජනප්‍රිය ගායක සංගීත් විජේසූරිය පවසයි.
ජනාධිපතිවරයා තමන් මුදල් ඇමතිවරයා වෙත යොමු කළද IMF කොන්දේසි අනුව එලෙස ඩොලර් ගෙන ඒමට නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.
ඔවුන් පැමිණියේ මෙරට ආයෝජනයට නොව රටට උදව් කිරීමට ඩොලර් ලබා දීමට වුවද නීතිමය රාමුව තුළ එය කළ නොහැකි බවද සංගීත් විජේසූරිය සඳහන් කරයි.
රටේ විදේශ සංචිත ඔසවා තැබීමට විදෙස්ගත ලාංකිකයන් තමන්ට හැකි අයුරින් කටයුතු කිරීමට සූදානම් වුවද IMF නීති අනුව එලෙස කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් සංගීත් විජේසූරිය මේ බව කීය.